Language Switcher

Ad

Ad 01

V2025

SPC ලොක්කා යන බව ජනාධිපතිට ලිඛිතව දන්වලා !

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇති බව වාර්තා වෙයි .

කෙසේ වුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත්තේ තනතුර සඳහා වෙනත් පුද්ගලයෙකු සොයා ගන්නා තෙක් මාසයක කාලයක් එම ධුරයේ රැඳී සිටින ලෙසයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින රැස්වූ කොරෝනා මර්ධන කාර්ය සාධක බලකා රැස්වීමටද ඔහු සහභාගී වී සිටියේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමඟ ඇති වූ මතභේදයක් මත මෙම ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වන බව වාර්තා වී තිබිණි.