Language Switcher

V2025

නොකර සද්ද : කාබනික වැඩෙත් රිවර්ස් : මෙන්න විස්තරේ !

නිසි ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක ශාක පෝෂක බෝග වගාවන් සඳහා ආනයනයට අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිං සඳහන් කරයි.

කෘෂි විද්‍යාඥයින් සහ පරිපාලන නිලධාරීන් 11 දෙනෙක් විසින් එක්ව කෘෂිකර්මාන්තයේ පවතින තත්ත්වය පිළිබදව සකස්කර ජනාධිපතිවරයාට යොමු කළ කෘෂිකර්මාන්ත මාර්ගගත සැලැස්මට අනුව මෙම අවසරය හිමිව තිබෙන බවත් අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.

“එය සංකල්ප පත්‍රිකාවක්. එහිදී අපි කෘෂි සිතියමක් පවා හැදුවා ආහාර සුරක්ෂිතතාවය පිළිබදව විශේෂ අවධානයක් පවා යොමු කලා“ යැයිද ලේකම්වරයා පැවැසීය.

ඒ අනුව, තේ, පොල්, රබර්, එළවළු , වී ගොවිතැන, පළතුරු සහ මල් වගාවන්ට අවශ්‍ය ගුණාත්මක බවින් ඉහළ නිර්දේශිත සියළුම පොහොර වර්ග ගොවි බිම් වෙත නිකුත් කිරිමට මේ වන විටත්, අවශ්‍ය පසුබිම් සකස් කරමින් සිටින බවද කෘෂිකර්ම ලේකම්වරයා සදහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා පවසන්නේ යූරියා ඇතුළු හඳුනා ගත් ශාක පෝෂක දැනටමත් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය ඇනවුම් සිදු කර අවසන් බව ය.

"මේ මහ කන්නයේ තමයි වැඩියෙන්ම ගොවිතැන් කටයුතුවල නිරත වන්නේ. වී වගාව, විශේෂයෙන්ම බඩඉගුරු වගාව එලවළු වගාව සහ අපේ වැවිලි කර්මාන්තය වන තේ පොල්, රබර් සියල්ල. මේවාගේ නිර්දේශිත උපරිම වගා ප්‍රමාණය ලබා ගෙන ආහාර සුරක්ෂිතබාවය ලබා ගැනීම තමයි අපේ පළවෙනි පියවර. ඒ සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියේ අනුගත වෙලා සිටිනවා. ඇත්ත වශයෙන්ම මොකටද අපි පරිසර හිතකාමී කෘෂි කර්මාන්තයක් සඳහා යොමු වන්න. පරිසර හිතකාමි කියන්නේ විෂදායක නොවන ඉහළ ප්‍රමිතියකින් යුත් නිර්දේශිත ශාක පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය යොදමින් පැළයට ශාක පෝෂණය සහ ආරක්ෂාව යොදමින් ජලය ද වාතය ද ඉතුරු පරිසර පද්ධතියට හානියක් නොවෙමින් කෘෂි කර්මාන්තය රැක ගැනීම. මේ සඳහා අවශ්‍ය කරන නිර්දේශීත නියමිත ප්‍රමාණයන් කෘෂිකර්මාන්ත අධ්‍යක්ෂවරයාගේ සහ කමිටු අධීක්ෂණය යටතේ කුමක් ද අවශ්‍ය කියලා නිගමනය කරලා ඒ ප්‍රමාණ වලින් අපිට රජය විසින් බලතල දීලා තියෙනවා අවශ්‍ය ප්‍රමාණයෙන් මේකට විද්‍යාත්මකව කටයුතු කරන්න කියලා. පොහොර සහ කෘෂි රසායනික වශයෙන් කුමක්ද ගෙන්නන්නේ කියලා රසායනික ඒ ක්‍රියාවලිය පිළිබඳව කෘෂිකර්මාන්ත අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි නිර්දේශ කරන්නේ කමිටුවක් හරහා. විශේෂයෙන්ම අපි අවුරුදු 3-4ක මේවා ගෙන්නලා තියෙනවා ඒ ගෙන්නපු ඒවාගෙන් ඉහළ පරම්පරාවට අයිති නිර්දේශිත ඒවා පමණයි ගෙන්නන්නේ"