ගෑස් පෝලිමේ ජනතාවගෙන් : රාජ්‍ය ඇමති කනකට සැර උපහාරයක් !

ගෑස් පෝලිමේ ජනතාවගෙන් : රාජ්‍ය ඇමති කනකට සැර උපහාරයක් !

සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කණක හේරත්ට කෑගල්ල, රන්වල, අලුත්පාර හන්දියේ ගෑස් බෙදාහැරීමේ ආයතනයක අලෙවි සැල ඉදිරියේ දී ජනතාවගේ දැඩි විරෝධයක් සහ පහරදීමේ තැතක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි.

රාජ්‍ය අමාත්‍ය කණක හේරත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් නියෝජිතයා වන අතර මෙම බෙදාහැරීමේ ආයතනයද පවත්වාගෙන යනු ලබන්නේ ඔහු විසින් බවත් මාධ්‍ය වාර්තා අනාවරණය කර සිටියි.

රාජ්‍ය ඇමති කණක හේරත්ට දිස්ත්‍රික්කය පුරා බෙදාහැරීමේ ආයතන රැසක් ඇතැයිද එම මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

තොරතුරු වාර්තා වන අන්දමට රාජ්‍ය ඇමති කණක හේරත් මෙම ස්ථානයට පැමිණෙමින් සිට ඇති අතර සිය රථයේ වේගය අඩු කරද්දි ජනතාව පෝලිමේ රැඳී සිටිනු දැක ඇති ඔහු එහි නතර නොවී ඉදිරියටම සිය රථය ධාවනය කර ඇති බවත් සඳහන් වෙයි.

එම අවස්ථාවේ රාජ්‍ය ඇමති කණක හේරත්ව දැක ඇති ගෑස් පෝලිමේ රැඳී සිටි පිරිස ඔහුට විරෝධය පා ඇති බව දැනගන්නට ඇත. ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ , කෝපයට පත් වැසියෙක් ගෑස් සිලිණ්ඩරයකින් පහරදීමට ද උත්සාහ කළ බවයි.

තවද එම ජනතාව එම ස්ථානයේ පාර හරස් කර විරෝධාතාවකද නිරතව වූ බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න