සජබ මන්ත්‍රී චමින්දගේ පණිවිඩය අනුරට වගේම සජිත්‍ටත් වැදගත් !

සජබ මන්ත්‍රී චමින්දගේ පණිවිඩය අනුරට වගේම සජිත්‍ටත් වැදගත් !

සන්ධානයක් නොමැතිව බලය ඉල්ලීමක් සම්බන්ධයෙන් ජවිපෙ සහ ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර දිසානායක වෙත සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි දැක්වූ ප්‍රතිචාරයක් පිළිබඳ දේශපාලන විචාරකයන් ගේ අවධානය යොමුව ඇත.

එහි විශේෂ සිදුවීම වන්නේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා දැක්වූ ප්‍රතිචාරය ජවිපෙ විසින් පවත්වා ගෙන යන lanka truth වෙබ් අඩවිය වාර්තා කර තිබීමය.

Lanka truth වෙබ් අඩවිය අදාළ පුවත වාර්තා කර සිටියේ " සන්ධාන ගතනොවී තනිව ජන්දය දිනන්න බැහැ - චමින්ද විජේසිරි " යනුවෙනි.

මේ සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන් උපුටා දක්වන කොටස පහත දැක්වෙයි.

“ජනාධිපති වීමේ සිහිනය දකින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකට තමන් පවසන්නේ සන්ධානගත නොවී තනිව ඡන්දය දිනාගැනීමට ඇති හැකියාව ගැන තව සිතා බලන ලෙස” යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඊයේ (21) පැවසීය.

ඔහු මේ බව සඳහ් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපතිවරයා වීම සිහිනයක සිටින බවට ජවිපෙ නායක අනුර දිසානායක විසින් සිදු කළා යැයි කියන ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිණි.

කෙසේ වෙතත් පසුගිය 20 වනදා ජාතික ජන බලවේගය පැවැත්වූ මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහක් කර සිටියේ, 74 වසරක වැරදි දේශපාලන ආර්ථික ගමනත් වෙනස් කිරීම සඳහා අපේ රටේ ජනතාව පෙළගැස්විය යුතු බවත් එතැනින් නතර නොවී රට ඇදවැටී තිබෙන අඳුරු අගාධයෙන් ගොඩගැනීම සඳහා ජනතාවාදී පාලනයක් ගොඩනැගිය යුතු බවත්ය. මේ ආණ්ඩුව පළවා හැර ඒ පන්නයේම නාඩගම් කාරයෝ පිරිසකට පාලන බලය අත්පත් කරගැනීමට ඉඩ නොදිය යුතු යැයිද මෙහිදී ජවිපෙ නායකයා සඳහන් කළේය.

විජේසිරි කිව්වේ සජිත්‍ටත් ඇහෙන්න !

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ සමගි ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරී මන්ත්‍රීවරයකු වන චමින්ද විජේසිරි මේ ප්‍රකාශය සිදුකර ඇත්තේ තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ට ද ඇසෙන ලෙස බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ වන විට සමගි ජනබලවේගය පක්ෂය ලෙස ජනාධිපතිවරණයක් ඉල්ලමින් සිටින නමුත් එය හාස්‍යක් බව දේශපාලන විචාරකයන් පවසයි.

ඔහු තනිව ජනාධිපති වීමට ව්‍යවස්ථා ප්‍රතිපාදන පවා අමතක කර වෙහෙසෙන පසුබිමේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා විසින් කර ඇත්තේ , අනුර දිසානායක මන්ත්‍රීවරයා වෙත තැබෙන පණිවිඩයක් ලෙස , වඩාත් වැදගත් වන්නේ හුදෙකලා බල අරගලයක් නොව , සංවර්ධනයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී සැබෑ අභිලාෂ ජයග්‍රහණය කරවන සන්ධානයක් බව තහවුරු කිරීමක් බව දේශපාලන විචාරකයන් පවසයි.

මේ වන විට මෙරට දේශපාලන පෙත සකස් වෙමින් ඇත්තේ එවැනි තත්ත්වයක් වෙනුවෙන් බවත් ඒ නොතකමින් කටයුතු කරන නායකයන් හුදෙකලා වීමක් අනිවාර්ය බවත් දේශපාලන විචාරකයන් පවසයි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න