IMF වාර්තාව නොදීම මන්ත්‍රී වරප්‍රසාද කැඩීමක් : රනිල් පාර්ලිමේන්තුවේදී ගේම ඉල්ලයි !

IMF වාර්තාව නොදීම මන්ත්‍රී වරප්‍රසාද කැඩීමක් : රනිල් පාර්ලිමේන්තුවේදී ගේම ඉල්ලයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා නොදීම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක් බව එජාප නායක , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට මහ බැංකුවේ අධිපති ඇතුළු මූල්‍ය මණ්ඩලයටත් මුදල් අමාත්‍යංශයේ ලේකම්ටත් නියෝග කළ යුතු බවද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී පැවසීය.

"ජනපතිගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සාකච්ඡාවකටත් අප කැඳවා තිබෙනවා.අද වනතුරු මුදල් අමාත්‍යංශය මේ වාර්තාව ඉදිරිපත් කර නැහැ.මෙය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක්"

ඉන්දියාවට සහ බංග්ලාදේශයට ස්තූතියි !

එසේම අමාරු කාලයේ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මුදල් තොගයක් ලැබීම වාසනාවක් බවත් ඔහු පැවසීය.

ඉන්දියාව මෙවැනි උදව්වක් කළේ පළමු වතාවට වන හෙයින් මෙය විශේෂ බව කී හිටපු අග්‍රාමාත්‍ය වරයා ඒ පිළිබඳව ප්‍රකාශයක් කිරීමට ආණ්ඩුවට යුතුකමක් තිබෙන බවද සඳහන් කළේය.

මෙි පිළිබඳව රටේ විවිධ කතා පැතිරෙන හෙයින් විදේශ ඇමතිට හෝ මුදල් ඇමතිට මේ ගැන පැහැදිලි කිරීමට විශේෂ වගකීමක් තිබෙන බවද ඔහු පැවසීය.

අමාරු මොහොතේ රටට උපකාර කළ බංග්ලාදේශයටත් තම ස්තුතිය පිරිනමන බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න