ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන විජිත හේරත් , ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවට එක්වී තිබේ.
ඒ අනුව ඊයේ (19) දිනයේදී විජිත හේරත් නාවල පිහිටි නිදහස ජනතා සභාවේ කාර්යාලයේදී ඩලස් අලහප්පෙරුම, ජී. එල්. පීරිස්, චරිත හේරත් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම හමුවී සිය සහාය පළ කර ඇති බව වාර්තා වෙයි .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපතිවරයා ද වූ විජිත හේරත් එම පක්ෂයේ සියලු වගකීම්වලින් ඉවත්ව මෙසේ ඩලස් පිල සමග එක්ව ඇති බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
