"දුගඳ හමන මේස් කුට්ටමක්" නිසා මගියෙක් අත්අඩංගුව !

"දුගඳ හමන මේස් කුට්ටමක්" නිසා මගියෙක් අත්අඩංගුව !

දුගඳ හමන මේස් කුට්ටමක් පැළඳ සිටි මගියෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසයි.

මගියාගේ දුගඳ හමන මේස් කුට්ටම ඔහු සහ බස් රථයේ ගමන් කළ මගීන් පිරිසක් අතර ගැටුමකට තුඩු දුන් බැවින් ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවත් පොලිසිය සඳහන් කරයි.

"ප්‍රසිද්ධ ස්ථානයකට හිරිහැරයක් බවට පත්වීම" යටතේ 27 හැවිරිදි ප්‍රකාශ් කුමාර්ට එරෙහිව චෝදනාවක් ගොනු කළ බව ද පොලිස් ප්‍රකාශකයෙක් බීබීසී යට පැවසීය.

දිල්ලි අගනුවර බලා බස් රථයක ගමන් කරමින් සිටි ප්‍රකාශ් කුමාර් බස් රථයේ දී සිය සපත්තු කුට්ටම සහ මේස් ගලවා තිබේ.

එහෙත් ඔහුගේ මේස් කුට්ටමෙන් කෙතරම් දුගඳක් හැමුවේ ද යත් සිය පාවහන් සහ මේස් කුට්ටම බෑගයේ බහාගන්නා මෙන් හෝ විසි කරන මෙන් මගීන් ඔහුට බල කර තිබේ.

ප්‍රකාශ් කුමාර් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මගීන් සහ ඔහු අතර උණුසුම් වාදයක් හටගත් බව පැවසේ.

ඉන්පසුව උතුරු ඉන්දීය හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පොලිස් ස්ථානයකට බස් රථය පදවන මෙන් මගීහු රියදුරාට බල කළහ. ඔහුට එරෙහිව පැමිණිල්ලක් සටහන් කරගෙන ඔහු අත්අඩංගුවට ගනු ලැබ තිබෙන්නේ එහිදීය.

සිය මේස් කුට්ටමෙන් දුර්ගන්ධයක් හැමූ බව ප්‍රතික්ෂේප කරන අශෝක් කුමාර්, "කිසිදු හේතුවකින් තොරව" මගීන් තමන් සමග දබර කරගත්තේ යයි පවසන බව හින්දුස්ථාන් ටයිම්ස් (The Hindustan Times) පුවත්පත වාර්තා කරයි.

ඔහු ඇප මත නිදහස් කළ බව පොලිසිය පවසයි.

(බීබීසී සිංහල සේවය)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න