එන වසරේ සිට එක වසරේ සිට කඩ්ඩ පොලිෂ් වෙයි !

එන වසරේ සිට එක වසරේ සිට කඩ්ඩ පොලිෂ් වෙයි !

දරුවන් තුළ පළමු වසරේ සිට ඉංග්‍රීසි කථන හැකියාව ශක්තිමත් කිරීමට ලබන වසරේ සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත ප්‍රේමජයන්ත පැවසීය.

ඒ අනුව සියලු පළාත් නියෝජනය වන පරිදි රජයේ පාසල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණි නියෝජනය කරන ගුරුවර ගුරුවරියන් ආසන්න වශයෙන් 13,500 ක් එළඹෙන නොවැම්බර් 18 සහ 19 දෙදින තුළ පුහුණු කරුවන් ලෙස ජාතික අධ්‍යාපන ආයතනය විසින් පුහුණු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර පසුගියදා තරුණ ප්‍රජාව සමග පැවති සූම් සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද පෙන්වා දුන්නේ ඉංග්‍රීසි ප්‍රධාන භාෂාව ලෙස යොදා ගැනීමට හැකි වුවහොත් බොහෝ ප්‍රශ්න මෙන්ම ජාත්‍යන්තරය සමග කටයුතු කරමින් ඉදිරියට යාමට එය ශක්තියක් වන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න