BBC නම් කළ වසරේ කාන්තාවන් 100 අතරට : සන්ධ්‍යා එක්නැලිගොඩත්

BBC නම් කළ වසරේ කාන්තාවන් 100 අතරට : සන්ධ්‍යා එක්නැලිගොඩත්

බීබීසිය විසින් 2022 වසර සඳහා නම් කරන ලද 'වසරේ කාන්තාවන් 100' (BBC 100 Women 2022) අතරට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිණීයක වන සන්ධ්‍යා එක්නැළිගොඩ නම් කොට තිබේ.

2022 වසර සඳහා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලෝකයට සාධනීය බලපෑමක් ඇති කළ කාන්තාවන් 100 දෙනෙකු පහත සඳහන් කාණ්ඩ 04 යටතේ එක් කාණ්ඩයකින් 25 බැගින් ඒ අනුව නම් කොට තිබේ.

දේශපාලනය සහ අධ්‍යාපනය, සංස්කෘතිය සහ ක්‍රීඩා, උද්දේශන සහ ක්‍රියාකාරිත්වය මෙන්ම සෞඛ්‍ය සහ විද්‍යාව යන කාණ්ඩ ඊට අයත්ය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිණියක හා සමාජ ව්‍යාපාරයන්හි යෙදෙන්නියක වන සන්ධ්‍යා එක්නැළිගොඩ ඒ අනුව උද්දේශන සහ ක්‍රියාකාරිත්වය යන ක්ෂේත්‍රය යටතේ නම් කරන ලද ලැයිස්තුවට එකතු වී තිබේ.

සන්ධ්‍යා ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරතුරේ සිය ආදරණීයයන් අහිමිවූ දහස් ගණනක් මව්වරුන් සහ බිරියන්ට උපකාර කරන්නී ය. ඇගේ ස්වාමි පුරුෂයා වූ ප්‍රකට ගවේශනාත්මක මාධ්‍යවේදී හා කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැළිගොඩ, 2010 ජනවාරි මාසයේ දී අතුරුදන් විය. රජයේ ප්‍රබල විවේචකයෙකු වූ ඔහු දෙමළ කොටි බෙදුම්වාදීන්ට එරෙහිව සිදුවූබව කියන හිංසාවන් විමර්ශනය කළේ ය.

ඔහු අතුරුදන් වූ දා පටන්, මෙම දෙදරු මව යුක්තිය සොයමින් සිටියාය. තම සැමියා අතුරුදන්වීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් වගකිව යුතුබවට ඇය චෝදනා කරයි. මේ සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන තිබූ නමුදු, ඔවුන් සියලුදෙනා නිදොස්කොට නිදහස් කෙරිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න