පසිඳු ගුණරත්න ජාතික තරුණ සේවා සභාවේ සභාපති ධුරයට

පසිඳු ගුණරත්න ජාතික තරුණ සේවා සභාවේ සභාපති ධුරයට

ජාතික තරුණ සේවා සභාවේ (NYSC) නව සභාපතිවරයා ලෙස පසිඳු ගුණරත්න පත්කර ඇත.

පසිදු ගුණරත්න ගේ නායකත්ව හැකියාවන් සහ තරුණයන් සවිබල ගැන්වීම සඳහා කැපවීම පිළිබඳව දැඩි විශ්වාසයක් පළ කරමින් යෞවන හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අද ඊට අදාළ පත්වීමේ ලිපිය ලබාදී තිබේ.

25 හැවිරිදි සිවිල් ඉංජිනේරුවෙකු වන පසිඳු ගුණරත්න මේ වන විට ශ්‍රී ලංකාවේ සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරමින් සිටී. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ගුණරත්න, ප්‍රජා සේවයට සහ තරුණ සංවර්ධනයට දක්වන කැපවීම වෙනුවෙන් ඇගයීමට ලක්වූ වෙකි. ඔහු දැනට කොළඹ 07 සිංහ සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එහිදී ඔහු ප්‍රජාවගේ ජීවිතවලට සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ.

NYSC හි නව සභාපතිවරයා ලෙස පසිඳු ගුණරත්න ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සවිබල ගන්වන සහ අනුබල දෙන පරිසරයක් ඇති කිරීමට සහ අවස්ථා නිර්මාණය කිරීමේ මෙහෙවරට නායකත්වය දෙනු ඇතැයි යෞවන හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

විශේෂයෙන්ම ආර්ථික අර්බුදය සහ සමාජ දේශපාලන පුනරුදය තුල, තරුණ තරුණියන්ගේ චින්තන සහ ශ්‍රම දායකත්වය රටට අත්‍යාවශ්‍ය මොහොතේ ඔවුන්ගේ හැකියාවන් පෝෂණය කරමින් ඔවුන් සාර්ථක අනාගතයක් කරා යොමු කරන නව්‍ය ව්‍යාපෘති සහ මුලපිරීම් ක්‍රියාත්මක කිරීමේදී ඔහුගේ නායකත්වය තීරණාත්මක සාධකය වනු ඇතැයි අමාත්‍යවරයා කියා සිටියි.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න