ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විරෝධතාවයකට එක් වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙයි.
ඒ පසුගියදා අම්පාර ගොනාගොල්ල හන්දියේ දී විදුලි ගාස්තු හා ජල ගාස්තුව වැඩි කිරීම ඇතුළු ජීවන වියදම් ඉහළ දැමීමට එරෙහිව සංවිධානය කරතිබූ විරෝධතාවකට එක්වීම නිසාය.
අම්පාර වෙල්ලාවෙලි පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු මෙසේ වැඩ තහනමට ලක්කර ඇත.
මෙම පොලිස් කොස්තාපල්වරයා රාජකාරියේ යෙදී සිටියදී රාජකාරි විවේකය වාර්තා කර කිසිදු පිටවීමේ සටහනක් නොදා සිවිල් ඇඳුමෙන් සැරසී රජයට එරෙහි විරෝධතාවට එක්ව සිටීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශනයක් පවත්වා මෙම වැඩ තහනම සිදුකර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
