එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගිකයින්ට සහන ලබාදීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර ඇත.
මෙහිදී පසුගිය සතියේ මිල අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ 12ට අමරතව තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 03ක මිල ගණන් මෙලෙස පහළ දමා තිබේ.
හෙට (07) දිනයේ සිට දිවයින පුරා සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම මිල සහනය ලබාගත හැකි බවද සතොස පවසයි.
ඒ අනුව ටින් මාළු (425g) නව මිල රුපියල් 490.00 ක් වන අතර එහි ඉතිරිය රුපියල් 30.00 කි.
ලොකු ලූනු 1kg ක නව මිල රුපියල් 97.00 ක් වන අතර එහි ඉතිරිය රුපියල් 22.00 කි.
පාන් පිටි 1kg ක නව මිල රුපියල් 225.00 ක් වන අතර එහි ඉතිරිය රුපියල් 10. 00කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
