මහවැලියට කෝප් බාල්දියක් !

මහවැලියට කෝප් බාල්දියක් !

මහවැලි අධිකාරියේ සේවා කාර්යක්ෂමව සහ ගුණාත්මකව ඉටු කිරීමට අපොහොසත්වීම පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්ව ඇත.

පුරවැසියන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම අධිකාරියේ මූලික අරමුණක් ලෙස සඳහන්ව තිබුණද එම අරමුණ ඉටු කිරීමට අපොහොසත්ව ඇතැයිද එහිදී සඳහන්ව ඇත.

ඒ අනුව මහවැලි අධිකාරියේ ප්‍රතිපත්ති පරීක්ෂා කර නවීන ලෝකය වඩා ගැළපෙන පරිදි මෙහෙවර සහ දැක්ම යළි සකස් කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස්දී තිබේ.

එසේම අධිකාරිය ඉඩම් වෙන්කිරීමේ ක්‍රියාවලියේදී ඩිජිටල් යටිතල පහසුකම් භාවිතා නොකිරීම පිළිබඳවද කෝප් කමිටුව කරුණු විමසා ඇති අතර එම වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙසද උපදෙස් නිකුත්කර ඇත.

ඉඩම් පැවරීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳව වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසද එම අධිකාරියට කෝප් කමිටුව දන්වා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න