වර්ජනයේ නිරත දුම්රිය ලොකෝමෝටිව් ඉන්ජිනේරුවන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
වහාම සේවයට වාර්තා කරන ලෙසත් එසේ නොකරන්නේ නම්, ඔවුන් සේවය හැර ගියා සේ සලකන බවත් අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.
ලොකෝමෝටිව් ඉන්ජිනේරුවෝ 84 දෙනෙක් මේ වන විට වර්ජනයේ නිරත වී සිටිති.
මේ අතර, දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ (12) ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
