විනිසුරු පත්කිරීම් ගැන ව්‍යවස්ථා සභාවෙන් අගවිනිසුරුට ලිඛිත දැනුම්දීමක් !

විනිසුරු පත්කිරීම් ගැන ව්‍යවස්ථා සභාවෙන් අගවිනිසුරුට ලිඛිත දැනුම්දීමක් !

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු විනිසුරුවරුන් පත් කිරීමේ දී එම විනිසුරුවරුන්ගේ ක්‍රියා කලාපය පරීක්ෂා කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ට ලිපියකින් දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කරන යෝජනා අනුව සිදු වන පත් කිරීම්වලට අදාලව මෙම ලිපිය යොමු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අගවිනිසුරුවරයාට යොමු කරන ලද ලිපියෙන් තවදුරටත් දක්වන්නේ නව පත් කිරීම් ලබන විනිසුරුවරුන් පසුගිය වසර කිහිපය ඇතුලත ලබා දුන් විනිශ්චයන් සංඛ්‍යාව සහ අදාල විනිසුරුවරයාගේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවයි.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලද අදාල විනිසුරුවරුන්ගේ විනිශ්චයන් සංඛ්‍යාව සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නිරීක්ෂණ පිළිබඳවත් අදාල විනිසුරුවරයාගේ හැසිරීම සහ ඔහු නීතිමය අධිකරණ විද්‍යාවේ දියුණුව සඳහා කිසියම් කැපී පෙනෙන දායකත්වයක් ලබා දීම යනාදී කරුණු සම්බන්ධයෙන් විමසා බැලිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අගවිනිසුරුවරයාට යැවූ ලිපියේ දක්වා තිබේ.

  • lankadeepa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න