ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඒකාබද්ධ රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි දේශයට වාර්තා වෙයි.
රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව ලබාදුන් උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත් බවද සඳහන්ය.
මෙම ආයතන දෙකම දැනට අධික ණය බරින් මිරිකෙන බව මේ සම්බන්ධව රජය කරන ලද අධ්‍යයනයකදී හෙළිදරව් වී ඇත. ඒ අනුව රූපවාහිනී සංස්ථාව රුපියල් මිලියන 1300ක්ද ගුවන්විදුලි සංස්ථාව රුපියල් මිලියන 800ක්ද ණය ගෙවීමට ඇතැයි වාර්තා වෙයි.
එසේම මෙම ආයතන දෙකේ විදුලිය බිල මසකට රුපියල් මිලියන 60ක් පමණ වෙයි. ආයතන දෙකෙහි වැටුප් සඳහා රුපියල් මිලියන 100ක් පමණ වැය වෙයි. ඊට අවශ්‍ය අරමුදල් පවා උපයා ගැනීමට මෙම ආයතනවලට අසීරු වී ඇති නිසා මෙලෙස අදාළ ආයතන දෙක ප්‍රතිව්‍යුහගත කොට ඒකාබද්ධ රාජ්‍ය සමාගමක් බවට පත් කළ යුතු යැයි අමාත්‍ය මණ්ඩලය තීන්දු කර ඇත.
මේ සම්බන්ධයෙන් දේශයට ලැබුණු තොරතුරු අනුව මෙකී සංස්ථා දෙකෙහිම සමස්ත සේවක සංඛ්‍යාව 1100ක් පමණ වන බවද සඳහන්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
