ජනාධිපතිවරණය දිනලා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 130ක් ගන්නවා !

ජනාධිපතිවරණය දිනලා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 130ක් ගන්නවා !

ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැර පවත්වන  පාර්ලිමේන්තු ජන්ද විමසීමේදී ජාතික ජනබලවේගය පක්ෂය    ආසන 120 – 130 ත් අතර ප්‍රමාණයක් දිනා ගන්නා බව ජවිපෙ සහ ජාජබ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි .

  ජාතික ජන බලවේගයේ නායකයා මේ බව ප්‍රකාශ කර සිටියේ තංගල්ලේ පැවති එම පක්ෂයේ  හම්බන්තොට දිස්ත්‍රික් තරුණ රැලිය අමතමින්ය.

 සාමාන්‍ය ගොවි, ධීවර අම්මා තාත්තාගේ අලුත් තරුණ පරම්පරාවේ විශාල පිරිසක් එම ඡන්දයෙන් පාර්ලිමේන්තු වරම් ලබා ගන්නා බවද එහිදී ඔහු සඳහන් කළේය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මෙසේ පැවසීය .

“ජනාධිපතිවරණයෙන් පසු අපි පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. දැන් ජාතික ජන බලවේගයට ඉන්නේ මන්ත්‍රීවරු තිදෙනයි. මේ සංඛ්‍යාව 120, 130 පන්නනවා. එයින් කියැවෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් සාමාන්‍ය ගොවි, ධීවර අම්මා තාත්තාගේ අලුත් තරුණ පරම්පරාවේ විශාල පිරිසක් එළඹෙන පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.”

එසේම පළාත් පාලන අයාතනවලට මෙන්ම පළාත් සභාවලට දට වෙනස් කිරීමේ හැඟීමක් තිබෙන නැවුම් තරුණ පිරිසක් අවශ්‍ය බවත්  මෙතෙක් කල් කුණු වුණු, දූෂිත පවුල් සංස්ථාවට යට වුණු ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නැවුම් ක්‍රියාකාරිත්වයෙන් පිරෙන්න අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය .

“සැබැවින්ම මිනිසුන්ට ආදරය කරන, මාතෘ භූමිය එක්ක සැබෑ බැඳීමක් තිබෙන පරම්පරාවක් අතට දේශපාලන බලය ලබාදී නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කරනවා. සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 05 වෙන කොට මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිවණය පවත්වනවා. ඉදිරියට තිබෙන්නේ මාස හතරයි. ඒ කාලය තුළ වෙහෙස නොබලා වැඩ කිරීමෙන් නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීමේ ස්ථාවරය අපි ලබා ගනිමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න