මාතලේ  ආසන සමුළුවෙන් තෙන්නකෝන්ලා හැළුවට :  නාමල්ට විරෝධය !

මාතලේ  ආසන සමුළුවෙන් තෙන්නකෝන්ලා හැළුවට :  නාමල්ට විරෝධය !

 මාතලේ දිස්ත්‍රික්කයේ  රත්තොට පැවැත්වුණු පොදුජන පෙරමුණේ ආසන සමුළුවට හිටපු අමාත්‍ය  ජනක බණ්ඩාර තෙන්නකෝන්  සහ ඔහුගේ පුත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ට ආරාධනා කර නොතිබීම හේතුවෙන් ඔවුන් දෙදෙනාම ඊට සහභාගී වී නොමැති බව වාර්තා වෙයි.

අදාළ සමුළුව පසුගිය 8 වනදා රත්තොට බස් නැවතුම්පොළ පරිශ්‍රයේ පවත්වා ඇති අතර ඒ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ය.

සමුළුව සංවිධානය කර තිබුණේ ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක  විසිනි.

පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කරන්නේ හිටපු අමාත්‍ය  ජනක බණ්ඩාර තෙන්නකෝන් ය. කෙසේ වුවත් ඔහුට සහ ඔහුගේ පුත් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වෙත මෙම සමුළුවට ආරාධනා නොකිරීමෙන්  මාතලේ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ  මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව තිබෙන බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසා ඇත්තේ පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායකයා වන හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හට අදාළ සමුළුවට ආරාධනා  නොකිරීම ඔහුට කළ අගෞරවයක් මෙන්ම මදි පුංචිකමක් බවයි.

පොහොට්ටුව තමන්ට සලකන්නේ මේ ආකාරයට නම් ඒවායේ ප්‍රතිඵලත් ඔවුන්ට ලැබෙනු ඇති බවත් තමන්ටත් තම පියාටත් කළ අගෞරවය ගැන දිස්ත්‍රික්කයේම ජනතාව කතා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න