එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණ.
පිළියන්දල, මිරිස්වත්ත, ආසිරි උයන 250/8 යන ස්ථානයේ මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කර ඇත.
හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, අනෝමා ගමගේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අචල ජාගොඩ , එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරිකයන් සහ සිවිල් හා වෘත්තීය සමිති ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
