"ඔන්මැක්ස් ඩී.ටී" හී තැන්පත්කරුවන් සහ මුදල් සම්බන්ධයෙන් සියලු තොරතුරු කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඔන්මැක්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට අද (11) නියෝග කළේය.
තැන්පත්කරුවන් 61210ගේ තොරතුරු බව දක්වමින් ඔන් මැක්ස් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලේඛන රැසක් රහස් පොලිසියට භාරදී ඇතත් ,එම ලේඛනවල ආපසු මුදල් ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීමට හැකි කිසිදු තොරතුරක් නොමැති බවට රජයේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම්වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.
එබැවින් තැන්පත්වරුවන්ගේ නම, ලිපිනය,තැන්පත් මුදල,හැඳුනුම්පත් අංකය,දුරකථනය අහංකය හා ඊමේල් ලිපිනය මෙසේ ලබා දීමට නියෝග කෙරිණි.
එම තොරතුරු ලැබුණු වහාම මුදල් ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳ දළ සැලැස්මක් අධිකරණයට ඉදිරිපත් කරන බවද රජය නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා කරුණු දක්වමින් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
