මැතිවරණ කල් දානවාට පොහොට්ටුව විරුද්ධයි - නාමල්

මැතිවරණ කල් දානවාට පොහොට්ටුව විරුද්ධයි - නාමල්

මැතිවරණ කල්දැමීමට සම්මාදම් වන සියලු දේශපාලන පක්‍ෂ විනාශ වන බව  පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ  පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ අද (12) පැවති  විශේෂ රැස්වවීමකට සහභාගිවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයක් ලෙස මැතිවරණ කල්දැමීමට විරෝධය දක්වන බවත්  ඉතිහාසයේ සිටම මැතිවරණ කල්දැමූ පක්‍ෂ සහ ආණ්ඩු විනාශ වූ බවත් මන්ත්‍රීවරයා   සඳහන් කළේය.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මැතිවරණය වසර දෙකක් කල්දැමීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තුවේ ආසන අටට වැටුණ අතර මැතිවරණ කල්දැමූ රනිල් වික්‍රමසිංහ ගේ පක්‍ෂය එක ආසනයකට වැටුණු බවද සඳහන් කළ මන්ත්‍රීවරයා කෙසේ වුවත්  ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිඳු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බවත් සඳහන් කළේය .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්‍ෂකයෙක් සිටිය ද මේ මොහොතේ අපේක්‍ෂකයා හෙළි නොකරන බවත් වේලාව පැමිණි පසු අපේක්‍ෂකයා ප්‍රකාශ කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න