පොදු ප්‍රවාහනය පිළිබද අතිවි‍ශේෂ ගැසට්ටුවක්....

පොදු ප්‍රවාහනය පිළිබද අතිවි‍ශේෂ ගැසට්ටුවක්....

පොදු ගමනාගමන සේවා සහ ගමනාගමන සේවා සඳහා පහසුකම් සැළසීම හා පවත්වාගෙන යාම, තවදුරටත් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ඒ අනුව මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා, මංමාවත්, පාලම්, බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මංමාවත්, දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම හා සේවා පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් නිකුත් කෙරුණු, අදාළ ගැසට් නිවේදනය ඊයේ (13) සිට බලාත්මකයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න