ත්‍රිරෝද ගාස්තු සංශෝධනයක්

ත්‍රිරෝද ගාස්තු සංශෝධනයක්

බස්නාහිර පළාත තුළ හෙට (15) සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුවීමක් සිදුකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.

 ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා මෙතෙක් අය කළ රුපියල් 100ක මුදල රුපියල් 90 දක්වා අඩු කර ඇති බව එහි සභාපති ලලිත් ධර්මසේකර  සඳහන් කළේය.

කොළඹදී අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලලිත් ධර්මසේකර  ඒ බව සඳහන් කළේය.

"බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ මගියෙකුගෙන් පළවෙනි කිලෝ මීටරයට අයකළ හැක්කේ උපරිමය රුපියල් 100යි. දෙවැනි කිලෝ මීටරය රුපියල් 90යි. රාත්‍රි 10න් පස්සේ පාන්දර 05 වෙනතුරු මේ ගාණනට 15%ක් එකතුවෙනවා කියලා කිව්වේ. ඒ ගණනය හැදීමේදී... ඒ ගාස්තු මීටරවලට ගණන් දැමීමේදී ඇතිවන අපහසුතා නිසා ආසන්නම ගණනට හැදිය යුතුයි. කොහොම නමුත් හිතූ හිතූ ගණන් යොදාගන්න බෑ. මගියාට දැන් තියෙනවා අවස්ථාවක් යම් අසාධාරණයක් වුවොත් නිවැරදි තොරතුරු සහිතව පොලීසියට, පාරිභෝගික සේවා අධිකාරියට, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට දැනුම් දෙන්න පුළුවන් තමන්ට අසාධාරණයක් වුණොත් ඒකට සාධානණයක් ඉටුකර ගැනීම සඳහා. අපි කියනවා තවදුරටත් බොරු මැසිවිලි එපා සාධාරණය කරන්න එහෙම නොවුණොත් ත්‍රිරෝද රථ වෘත්තිය කොයිතරම් ජනතාවට වැදගත් වුණත් මේක ඩයිනොසිරස් වගේ වඳ වෙන එක වළක්වන්න බෑ."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න