2024 ජනාධිපති ශිෂ්‍යත්ව 116,000ක් !

2024 ජනාධිපති ශිෂ්‍යත්ව 116,000ක් !

දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ” ජනාධිපති ශිෂ්‍යත්ව 2024 ” වැඩසටහන යටතේ 2024 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව 116,000ක් පිරිනැමීමට නියමිතව ඇත.

අ.පො.ස උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000 වෙනුවෙන් මාසයකට රුපියල් 6000/- බැගින් මාස 24 ක කාලයක් සඳහා ලබා දෙනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් මිලියන 824ක් වෙන් කර තිබෙන අතර 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 100,000ක් වෙනුවෙන් මසකට රුපියල් 3000/- බැගින් මාස 12ක කාලයක් සඳහා ලබා දෙනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3600කි.

පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍යයන් වෙනුවෙන් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 288ක් ද, අ.පො.ස (උ/පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල ඒකාබද්ධව පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් මිලියන 720ක් ද වෙන් කර තිබේ.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වන ශිෂ්‍යත්ව වැඩසටහන් වලට අමතරව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා රුපියල් මිලියන 5000 කට අධික මුදලක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ලබා දීමට නියමිතව ඇත.

ඒ අනුව මෙම අවස්ථාවේදී අ.පො.ස උසස් පෙළ සිසුන් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා ළමුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන් දෙක යටතේ, කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 242ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4866ක් වෙනුවෙන් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 6234ක් වෙනුවෙන් ද, කලුතර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක අ.පො.ස උසස් පෙළ සිසුන් 180ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4390ක් වෙනුවෙන් ද,

යාපනය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3544ක් වෙනුවෙන් ද, මන්නාරම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 1030ක් වෙනුවෙන් ද, වවුනියා දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 1298ක් වෙනුවෙන් ද, මුලතිව් දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 1028ක් වෙනුවෙන් ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 956ක් වෙනුවෙන් ද,

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06ක අ.පො.ස උසස් පෙළ සිසුන් 364ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 8392ක් වෙනුවෙන් ද, පුත්තලම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02ක අ.පො.ස උසස් පෙළ සිසුන් 120ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4046ක් වෙනුවෙන් ද,

මඩකලපුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3436ක් වෙනුවෙන් ද, අම්පාර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 07ක අ.පො.ස උසස් පෙළ සිසුන් 420ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4340ක් වෙනුවෙන් ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2972ක් වෙනුවෙන් ද,

බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06ක අ.පො.ස උසස් පෙළ සිසුන් 360ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 5410ක් වෙනුවෙන් ද, මොණරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2994ක් වෙනුවෙන් ද,

රත්නපුර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 5642ක් වෙනුවෙන් ද,කෑගල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක අ.පො.ස උසස් පෙළ සිසුන් 180ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4524ක් වෙනුවෙන් ද,

මහනුවර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 06ක අ.පො.ස උසස් පෙළ සිසුන් 360ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 6472ක් වෙනුවෙන් ද, මාතලේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2894ක් වෙනුවෙන් ද,නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4940ක් වෙනුවෙන් ද,

ගාල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 4410ක් වෙනුවෙන් ද, මාතර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 04ක අ.පො.ස උසස් පෙළ සිසුන් 240ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3644ක් වෙනුවෙන් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක අ.පො.ස උසස් පෙළ සිසුන් 180ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 3330ක් වෙනුවෙන් ද,

අනුරාධපු දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 05ක අ.පො.ස උසස් පෙළ සිසුන් 300ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 5360ක් වෙනුවෙන් ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 03ක අ.පො.ස උසස් පෙළ සිසුන් 177ක් සහ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් 2456ක් වෙනුවෙන් ද මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.

පාසල් මට්ටමින් මෙම ශිෂ්‍යත්ව ලබා දීම සඳහා තෝරා ගෙන ඇති සියලු සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ජනාධිපති අරමුදල විසින් කටයුතු සිදු කරනු ඇත. සෑම පාසලකටම එම පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගෙන යම් ශිෂ්‍යත්ව ප්‍රමාණයක් හිමි වන අතර එම ශිෂ්‍ය සංඛ්‍යාවන් පිළිබඳව කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විස්තර ලබා ගත හැකි අතර මෙතෙක් ශිෂ්‍යත්ව සඳහා ඉල්ලීම් කර නොමැති පාසල් ලැයිස්තුවද කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබා දි ඇත. එබැවින් යම් පාසලක් මෙතෙක් ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කර නොමැති නම් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය ඉල්ලීම් සිදු කරන ලෙස ජනාධිපති අරමුදල ඉල්ලා සිටියි.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වන ඉහත ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකට අමතරව පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ශිෂ්‍යත්ව 5000ක් පිරිනැමීමේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ඉදිරි දින වලදී ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න