රජා නරක නම් සට්ටම්බිරාළ හොඳ වුණේ කොහොමද : ජනපති ප්‍රසිද්ධියේ සජිත්ගෙන් අහයි !

රජා නරක නම් සට්ටම්බිරාළ හොඳ වුණේ කොහොමද : ජනපති ප්‍රසිද්ධියේ සජිත්ගෙන් අහයි !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට රජා නරක් වී, සට්ටම්බිරාළ හොඳ වී ඇති බවත් , රජා නරක නම් සට්ටම්බිරාළ හොඳ වූයේ කෙසේද කියා තමන් විමසන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය .

සජිත් ප්‍රේමදාස තමාට රට බේරගන්න උදව් කළහොත්  ඔහුගේ තහනම් කර ඇති එජාප සාමාජිකත්වය නැවත දෙන බව ද  ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ , අද (14) මහනුවර පැවති "එක්ව ජයගමු - අපි මහනුවර " රැළිය අමතමිනි.

වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන්  පැවති මෙම ජන රැලිය , පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් සංවිධානය කර තිබිණ.

මෙම ජනරැලි මාලාවේ පළමුවැන්න පසුගියදා මාතර පැවති අතර ඒ අනුව අද මහනුවර පැවතියේ එහි දෙවැනි රැලිය යි.
 
 ඊට පොදුජන පෙරමුණ  පක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධානපෙළේ නායකයන් සියලුදෙනා මෙන්ම ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ මහනුවර  එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන්  සහභාගීව සිටීම විශේෂත්වයක් විය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ මේ වන විට තමා ආර්ථික අර්බුදයෙන් රට බේරාගෙන ඇති බවත් ඊට පොහොට්ටුවේ ඇතුළු පක්ෂ කිහිපයක පාර්ශවයන් සහාය ලබාදුන් බවත් ය.

මේ වන විට  දූෂණයට විරුද්ධව සටන් කරන්න අවශ්‍ය බව  සමගි ජන බලවේගය පවසන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සජබ සමඟ  එකතුවී දූෂණයට විරුද්ධව සටන් කරන්න තමා සූදානම් නමුත්  ඊට එක් කොන්දේසියක් තිබෙන අතර ඒ සජිත් පාසල් වලට දෙන බස් ගන්න සල්ලි දුන්නේ කවුදැයි හෙළි කළ යුතු බවද අවධාරණය කළේය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න