හරීන් ඇමති ධූරයන්ගෙන් සමු ගනී

හරීන් ඇමති ධූරයන්ගෙන් සමු ගනී

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  සිය ධූරයන්ගෙන් ඉවත්වන බව සංචාරක අමාත්‍යාංශයේදී අද (09) පැවති මාධ්‍ය හමුවේදී නිල වශයෙන් දැනුම් දුන්නේය.

සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයන්ගේ සියලු නිලධාරීන් එම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වූ අතර ඔවුන් ඉදිරියේ අමාත්‍යවරයා මේ බව දන්වා සිටියේය.

අභියෝග බාරගැනීම තම ජීවිතයේ අලුත් දෙයක් නොවන බවත්, රටට අවශ්‍ය මොහොතේදී අභියෝග බාර ගැනීම තමන් විසින් සිදුකල බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

රටට අවශ්‍යයම මොහොතේ දී තමන් සමඟ සිටිමින් රට වෙනුවෙන් විශේෂ සේවයක් සිදුකොට අමාරු අවස්තාවෙන් රට ගොඩ ගැනීම සඳහා සියලුදෙනා සහය දුන් බවත් ඒ වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම්වරු ප්‍රමුඛ සියළු නිලධාරීන්ට අමාත්‍යවරයා සිය විශේෂ ස්තූතිය පළ කළ අතර තව දුරටත් රට වෙනුවෙන් සිය සේවය ලබාදෙන මෙන් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න