රාජ්‍ය අමාත්‍යවරුන් 8ක් ඉල්ලා අස්වෙන කතාව ඇත්තද ?

රාජ්‍ය අමාත්‍යවරුන් 8ක් ඉල්ලා අස්වෙන කතාව ඇත්තද ?

ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමේ සූදානමක් පිළිබඳව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඊට අනුව පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට සහාය දක්වන පදනමින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය නොදක්වන පදනමින් මේ ඉල්ලා අස්වීම සැලසුම් කර ඇත.

 ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එම රාජ්‍ය ඇමැතිවරුන් වන්නේ ඩී. වී චානක, තේනුක විදානගමගේ, ශෂින්ද්‍ර රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ සිරිපාල ගම්ලත් ය.

කෙසේ වුවත් මෙම නම් සඳහන් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනකුගේ සමීපතමයන් වෙතින් සිදුකළ විමසීමේදී දැනගන්නට ලැබුනේ එවැනි සූදානමක් නොමැති බවය. එසේම මෙම නම් සඳහන් සියලු දෙනා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ අපේක්ෂකත්වය ට සහාය දීමට හෝ නොදීමට ස්ථිර තීන්දුවක් ගෙන නොමැති බවද දැනගන්නට ලැබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න