තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ දිනය දීර්ඝ කෙරේ

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ දිනය දීර්ඝ කෙරේ

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබේ.

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය අද (08) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව තිබුණි.

තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 10) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එය දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක  සඳහන් කළේය.

ඒ අනුව, තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසන් දිනයේ දී එනම්, 2024 ඔක්තෝබර් මස 10 දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර එම අයදුම්පත්‍ර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලැබිය යුතුය.

අයදුම්පත්‍ර ලැබීමේ දී සිදු විය හැකි ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා 2024 ඔක්තෝබර් මස 09 සහ 10 දෙදින තුළ සම්පූර්ණ කරන තැපැල් ඡන්ද අයදුම්පත්‍ර තැපෑලට භාර දීමෙන් වැළකී ඒවා එක් එක් දිස්ත්‍රික් අනුව වෙන්කර වෙන වෙනම කවර වල බහා සහතික කිරීමේ නිලධාරී කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනවිත් භාරදීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බව මැතිවරණ කොමිසම පවසයි.

එමෙන්ම කිසිදු හේතුවක් මත මෙම දිනය නැවත දීර්ඝ නොකරන බව ද සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සිය නිවේදනයෙන් දැනුම් දී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න