මහ ඡන්දෙට නාමයෝජනා භාරගැනීම අදින් අවසන්

මහ ඡන්දෙට නාමයෝජනා භාරගැනීම අදින් අවසන්

2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද මධ්‍යහන 12න් අවසන් වීමට නියමිතව තිබේ.

ඊට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා පස්වරු 1:30 දක්වා කාලය ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 349ක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

එමෙන්ම, දේශපාලන පක්ෂ 147ක් සහ ස්වාධීන කණ්ඩායම් 94ක් ඊයේ දිනය වනවිට නාමයෝජනා භාරදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මහ මැතිවරණයට අදාළව එක් එක් අපේක්ෂකයින් විසින් වියදම් කළ යුතු මුදල් ප්‍රමාණය පිළිබඳව ඉදිරියේදී දැනුම්වත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක  පැවසීය.

නාමයෝජනා භාරදීම සිදුකරනු ලබන කාලසීමාව තුළ දිවයින පුරා පිහිටි සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව සහ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව  පැවසීය.

මේ අතර මහ මැතිවරණයේ සම්බන්ධිකරන කටයුතු දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරුන් හරහා සිදුකිරීමට උපදෙස් ලබාදී ඇති බව නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව  වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න