හිටපු ඇමැතිවරයෙකු වූ ඩබ්ලිව්.බී.ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඇමැතිවරයෙකු වූ ඩබ්ලිව්.බී.ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක, හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධපුර පොලිසිය පවසයි.

මිය යන විට, ඔහු 76 වන වියේ පසුවිය.

ඔහු දියවැඩියාව රෝගයෙන් පෙලුනු අයකු බවත් අමාත්‍යවරයාට අවශ්‍ය ආහාර පාන, බෙහෙත් ලබා දෙමින් නිවසේ කටයුතු කළ පුද්ගලයකු, රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යාපනය ශික්ෂණ රෝහලට ගොස් ඇති අතර, මෙම මරණය සිදු වන අවස්ථාවේදී ඔහු පමණක් නිවසේ සිට ඇති බව පොලිසිය කියයි.

මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය, අනුරාධපුර නාගරික සහ මධ්‍යම නුවරගම් පළාත් හදිසි නාගරික මරණ පරීක්ෂක ජේ. එම්. ජයතිලක විසින් සිදු කරනු ලැබූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙසට ඔහු නියෝග කරනු ලැබීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න