පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන නිලධාරීන් පියවරගෙන ඇත.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසීය.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල අධ්‍යාපන කොට්ඨාසයේද සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට දිනයේ පමණක් වසා තැබෙන බවය.
පවතින ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන අවශ්‍යතාව මත පාසල් වසා දැමීමට පළාත් බලධාරීන්ට අවසර දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
