ගම්මන්පිල ඉදිරිපත් කළ වාර්තාව පිළිගන්නේ නෑ - ශ්‍රී ලංකා කතෝලික සභාව

ගම්මන්පිල ඉදිරිපත් කළ වාර්තාව පිළිගන්නේ නෑ - ශ්‍රී ලංකා කතෝලික සභාව

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශ්‍රාමික විනිසුරු ඒ. එම්. ජේ ද අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමා පවසති.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තාවක අඩංගු කරුණු ප්‍රසිද්ධ කිරීමට ඊයේ (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කළ හෙළිදරව්වකට ප්‍රතිචාර දක්වමින් ගරු සිරිල් ගාමිණී පියතුමන් ඒ බව පැවසීය.

බොරැල්ල, අගරදගුරු මැදුරේ අද (22) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සිරිල් ගාමිණී පියතුමා ඒ බව සඳහන් කළහ.

"ඝාතන විමර්ශනයේ සාක්ෂි වසන් කිරීම හා විනාශ කිරීම පිළිබඳව අපරාධමය චෝදනා ලබා සිටින ප්‍රසන්න අල්විස් මහතාගේ සොහොයුරිය වන ඒ. එම්. ජේ ද අල්විස් මහත්මියව මෙම කමිටුවේ ප්‍රධානිය ලෙස පත්කරමින් ළබැඳියාවන් අතර ගැටුමක් නිතැනින්ම මතුවන බව පැහැදිලි කරුණක්. එම නිසා එවැන්නෙකු ප්‍රධානත්වය දැරූ කමිටුවක් විසින් ඉදිරිපත්කළ වාර්තාවක් අපක්ෂපාති සහ ස්වාධීන වාර්තාවක් ලෙස පිළිගැනීමට අපට කොහෙත්ම හැකියාවක් නැහැ. එම නිසා අපි මෙම වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමු."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න