ශ්‍රී ලංකා නීති විද්‍යාලයට නව විදුහල්පතිවර‍යෙක්

ශ්‍රී ලංකා නීති විද්‍යාලයට නව විදුහල්පතිවර‍යෙක්

සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නව විදුහල්පති ලෙස ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් පත්කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ නීති විද්‍යාලයේ විදුහල්පති ලෙස ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් ඊයේ (22) වැඩ භාර ගත් අතර, මෙහිදී බෞද්ධ ආගමික වතාවත් සිදු කළේ ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් සහ දෙහිවල සුනන්ද හිමියන් විසිනි.

ඉස්ලාම් ආගමික වතාවත් සිදු කළේ අවසන් වසරේ නීති ශිෂ්‍යයකු වූ ෂෙයික් එම්. අක්‍රම් මවුලවි විසිනි.

නව විදුහල්පති ප්‍රසන්න ලාල් අල්විස් නීති ක්ෂේත්‍රයේ කීර්තිමත් පුද්ගලයකු ලෙස සැලකේ.

කෙසේවුවද, මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක සිදුකර ඇති මෙම පත් කිරීමෙන් මැතිවරණ නීතිය උල්ලංඝ වීමක් සිදුව ඇති බව මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත්වී තිබිණ.

එම පැමිණිල්ල පිළිබඳව අවධානය යොමු කළ මැතිවරණ කොමිසම සංස්ථා ගත නීති අධ්‍යාපන සභාවේ සභාපතිවරයාට 2024.10.14 දාතමින් දැනුම් දී ඇත්තේ, මැතිවරණ කොමිෂන් සභාවේ පූර්ව අනුමැතියකින් තොරව මෙම පත්කිරීම සිදුකිරීම තුළින් මැතිවරණ කොමිසම සභාව විසින් නිකුත් කරන ලද 2024. 09.14 දිනැති අංක PE 2024 /3 දරන චක්‍රලේඛයෙහි සඳහන් උපදෙස් හා 2024.9.25 දිනැති අංක 2403/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි විධිවිධාන උල්ලංඝනය කිරීමක් වන අතර මේ සම්බන්ධව මැතිවරණ කොමිසම වෙත වාර්තාවක් කඩිනමින් යොමු කරන ලෙසය.

ඒ අනුව, ශ්‍රී ලංකා නීති විද්‍යාලයට නව විදුහල්පතිවරයකු පත් කිරීම පිළිබඳව කරුණු දක්වමින් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකා නීති විද්‍යාලය රජයට අනුබද්ධ ආයතනයක් නොවන බැවින් මැතිවරණ කොමිෂන් සභාවේ නියමයන් ඊට අදාල නොවන බවය. වාර්තා වන අන්දමට මැතිවරණ කොමිසම නීති අධ්‍යාපන සභාවේ කරුණු දැක්වීම පිළිගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න