පරක්කු නෑ වෙනස් කරමු - සිලින්ඩරේ කැම්පේන් එක ඇරඹෙයි!

පරක්කු නෑ වෙනස් කරමු - සිලින්ඩරේ කැම්පේන් එක ඇරඹෙයි!

''පරක්කු නෑ වෙනස් කරමු'' යන තේමාව ඔස්සේ රනිල් වික්‍රමසිංහ පෙරටු කොටගෙන ගෑස් සිලින්ඩරේ පොදු මැතිවරණ ප්‍රචාරක වැඩසටහන අද ආරම්භ වී තිබෙනවා.

ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීතයක් මේවන විට අන්තර්ජාලයට මුදා හැර අවසන්.

නැවතත් රට ප්‍රපාතයට වැටුනහොත් ඉන් මුදා ගැනීම පිණිස පළපුරුදු සිලින්ඩරය කණ්ඩායම පාර්ලිමේන්තුවේ සිටිය යුතුම බව එම ගීතයෙන් කියවෙනවා.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ සහ දිනේෂ් ගුණවර්ධන යන නායකයන් දෙපල යටතේ මේ මැතිවරණ මෙහෙයුම සිදු කරන බව එයින් පැහැදිලිව පෙනෙනවා.

යල් පැන ගිය ඉවුරු බිඳිමු
රට වෙනුවෙන් පවුරු බඳිමු
එක්සත් වී එකට නැගෙමු
ජනතාවගෙ පැත්ත ගනිමු

අභියෝග ආවට මහමෙරක්
ආයෙ හැරුනද? පෙරහැරක්
මහ පොළවෙ පාමින් පෙළහරක්
ගමන අරඹන මෙහෙවරක්
කියන දේ කරන- කරන දේ කියන
පරිනත මහ බල කඳවුරක්
කරට කර හැපෙන- වැරදි තැන් කියන
රටට වග කියන - කඳවුරක්

මවා සුරඟන කතා
දමා වැල් පාලම කඩා
රවටලා රැලි හද හදා
බලය ගෙන උදුරලා

නොපැතුවත් තුන් හිතින්
යළිත් රට වැටුනොතින්
ගොඩගන්න වෙන නිසා

හදමු බඳිමු අපි කඳවුරක්
පරිනත මහ බල කඳවුරක්
ආයෙ ආවත් උවදුරක්
කර තියන මහ බල කඳවුරක්

කියන දේ කරන- කරන දේ කියන
පරිනත මහ බල කඳවුරක්
කරට කර හැපෙන- වැරදි තැන් කියන
රටට වග කියන - කඳවුරක්

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න