ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත් කෙරේ

ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත් කෙරේ

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙනයන ගමනේ මූලික පියවරක් තබමින් ආචාර්ය හාන්ස් විජයසූරිය  ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත් කර තිබේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක  විසිනි.

56 හැවිරිදි වි‌‌යේ පසුවන ආචාර්ය හාන්ස් විජයසූරිය මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකි.

ඔහු ශ්‍රී ලංකාවේ පළමු වරට GSM තාක්ෂණය හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක් කළ අයෙකු ලෙස හඳුන්වා දිය හැකියි.

තව ද දකුණු ආසියාවේ පළමු වරට ශ්‍රී ලංකාවට 3G, 4G සහ 5G යන තාක්ෂණයන් හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාව ලෝකය තුළ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඉහළින් ඔසවා තබන්නට විජයසූරිය මහතා කළ සේවාව ඉමහත් ය.

ඔහු ආසියාවේ දෙවන විශාලතම විදුලි සංදේශ සමාගම වන Axiata Group Bhd හි සමූහ විධායක උප සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ද කටයුතු කර තිබේ.

මේ අතර, මෙරට ශ්‍රී ලංකාවේ විශාලතම ජංගම සන්නිවේදන සැපයුම්කරු වන Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන විධායකවරයා ද විජයසූරිය  කටයුතු කළේය.

P. M. W. විජයසූරිය සහ සුසිලා විජයසූරිය යන දෙපළට දාව උපන් ආචාර්ය හාන්ස් විජයසූරිය  ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ.

ඔහු 1989 වසරේදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියත්, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය එක්සත් රාජධානියේ වෝර්වික් විශ්වවිද්‍යාලයෙන් ද ලබාගෙන තිබේ.

ආචාර්ය හාන්ස් විජයසූරිය 1994 වසරේදී ඩිජිටල් ජංගම සන්නිවේදනය පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත්තේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයෙන් ය.

ඔහු ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු ද වේ.

මේ අතර, ආචාර්ය හාන්ස් විජයසූරිය  John Keells Holdings PLC සහ Sri Lankan Airlines (Sri Lankan National Airline) හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජියෙක් හා ආතර් සී. ක්ලාක් ආයතනයේ හිටපු සභාපතිවරයෙක් ද වේ.

GSM Asia-Pacific හි හිටපු සභාපති - GSM සංගමයේ කලාපීය උනන්දුව දක්වන කණ්ඩායම, සහ ආසියා පැසිෆික් විදුලි සංදේශ කර්මාන්තයට ඔහුගේ දායකත්වය වෙනුවෙන් GSM 100 ගෞරවනීය භූමිකාවට ඇතුළත් කර තිබේ.

2016, GSM සංගමය විසින් "ආසියානු ජංගම දුරකතන කර්මාන්තය සඳහා කැපී පෙනෙන දායකත්වය" සම්මානයේ පළමු ප්‍රතිලාභියා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය  නම් කර තිබේ.

තවද 2024 දී ආචාර්ය විජයසූරිය  ගෝලීය ජංගම දුරකතන කර්මාන්තයේ කැපී පෙනෙන දායකත්වය අගයමින් GSM සංගමය විසින් "සභාපති සම්මානයෙන්" පිදුම් ලබා තිබේ.

ආචාර්ය හාන්ස් විජයසූරියගේ මව චිත්‍ර ශිල්පිනියක් වන අතර, ඔහුගේ පියා වන P.M.W. විජයසූරිය  1971 සිට 1983 දක්වා මෙරට විගණකාධිපතිවරයා ලෙස ද කටයුතු කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න