ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලට

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලට

නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට

ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලවෙත මාරුකර තිබේ.

මිරිහාන පොලීසිය මගින් ලොහාන් රත්වත්තේ ඉකුත් 31වනදා මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව එදින රාත්‍රියේ මිරිහාන පොලිස් ස්ථානයේ සිට නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට රැගෙන ආ අතර, එහිදී නොවැම්බර් මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණි.

කෙසේ නමුත් එහිදී ලොහාන් රත්වත්තේ ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බන්ධනාගාර රෝහලවෙත යාමට නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න