මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලට මෙන්ම මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලට රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.
එහි සඳහන්ව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවය.
එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එහි සඳහන් ව තිබේ.
ගිගුරුම් සහිත වැසි හේතුවෙන් ඇතිවන අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
