“හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂාව අඩු කරලා නෑ”- කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

“හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂාව අඩු කරලා නෑ”- කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආරක්ෂාව අඩු කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (06) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

”දැනට හිටපු ජනාධිපතිවරුන්ගේ විශේෂයෙන් ම චන්ද්‍රිකා බණ්ඩාරනායක  කියලා තිබුණා එතුමියගේ ආරක්ෂාව ඉවත් කරනවා කියලා. එහෙම ඉවත් කිරීමක් කරලා නැහැ. එතුමිය ලිපියක් එවලා තිබුණා 30ක් දක්වා අඩු කරනවා කියලා. ඒක වැරදි. එතුමියට දැනටත් 57 දෙනෙක් දීලා තියෙනවා.”

තමාට ලබා දී ඇති ආරක්ෂාව අඩු කර ඇති බවට හිටපු ජනාධිපතිනිය විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්නට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබිණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් හේමසිරි ඔක්තෝබර් මස 31 වන දා නිකුත් කළ ලිපියෙන් 50 දෙනෙකුගෙන් යුත් තම ආරක්ෂක පිරිස 30ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව ඇය එම ලිපියේ සඳහන් කර ඇත.

හිටපු ජනාධිපතිනිය එම ලිපියේ සඳහන් කර ඇත්තේ, තම ස්වාමි පුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදි තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැක මතු වී පවතින බව ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න