වෛද්‍ය සාෆිට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කෙරේ

වෛද්‍ය සාෆිට එරෙහි නඩුව නිෂ්ප්‍රභ කෙරේ

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි ට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහෙස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය.

ඒ අදාළ නඩුව අද කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ දීය.

විත්තිකාර වෛද්‍යවරයාට එරෙහිව කාන්තාවන් 768 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයේදී වෛද්‍යවරුන් , හෙද නිලධාරීන් , පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් , රෝහලේ සුළු සේවක සේවිකාවන් ඇතුළු 138 ක පමණ පිරිසකගෙන්ද ප්‍රකාශ ලබා ගැණුනි.

විශේෂඥ වෛද්‍ය සාෆි වෙනුවෙන් නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියේ ය.

එහිදී වෛද්‍ය සාෆිට එරෙහිව ගොනුකර තිබු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වී ඇති බව මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත.

ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහු නිදහස් කරන බවත්, නඩුව පවත්වාගෙන යාමට කරුණු නොමැති බවත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර තිබේ.

මෙහිදී වෛද්‍ය සාෆිට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ද මහෙස්ත්‍රාත්වරයා විසින් ඉවත්කර ඇති බව වාර්තාවේ.

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිටින අතර ඔහු අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මව්වරුන් 4,000කට පමණ වඳ සැත්කම් සිදුකළැයි චෝදනා එල්ල වු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි ව 2019 මැයි මස 24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

(adaderana.lk)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න