ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.
ඊජිප්තු අරාබි ජනරජයේ නව තානාපතිවරයා ලෙස ඇඩෙල් ඊබ්‍රාහිම් (Adel Ibrahim) ද, ජපානයේ නව තානාපතිවරයා ලෙස ඉසොමතා අකියෝ (ISOMATA Akio) ද මෙලස පත්ව සිටින අතර ඔවුහු සිය අක්තපත්‍ර භාර දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහකට ද එක් වූහ.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
