සිරකරුවන් 389 දෙනකුට විශේෂ රාජ්‍ය සමාව

සිරකරුවන් 389 දෙනකුට විශේෂ රාජ්‍ය සමාව

 සිරකරුවන් 389 දෙනකුට විශේෂ රාජ්‍ය සමාව හිමිවී ඇත.

ඒ හෙටට (25) යෙදෙන නත්තල් උත්සවය නිමිත්තෙනි.

ජනාධීපතිතුමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34-1 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ පොදු සමාව හිමිවී තිබේ.

සුළු වරද සම්බන්ධයෙන් සිරගත කළ සිරකරුවන් මෙම නිදහසට හිමිකම් කියන බවත් ඒ් අතරින් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිවීම නිසා බන්ධනාගාර ගත වූ සිරකරුවන් 364 දෙනකු ,ගෙවමින් පවතින දඩය අහෝසි වීම මතනිදහස ලබා ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී.බී.දිසානායක  කියයි.

මෙලෙස නිදහස ලබන සිරකරුවන්ගේන් 04 දෙනකු කාන්තාවන්වේ. වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් නිදහස ලබන්නේ මහර බන්ධනාගාරයෙනි. එම සංඛ්‍යාව 48කි. වාරියපොළ බන්ධනාගාරයෙන් සිරකරුවන් 45ක්ද ,වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 41ක්ද හෙට නිදහස ලබා පිටව යයි.

ඒමෙන්ම අනුරාධපුරය බන්ධනාගාරයෙන් සිරකරුවන් 33ක්ද,කුරුවිට බන්ධනාගාරයෙන් සිරකරුවන් 20ක්ද,ගාල්ල,බෝගම්බර සහ යාපනය බන්ධනාගාරවලින් සිරකරුවන් 17 බැගින්ද ,පොළොන්නරුව බන්ධනාගාරයෙන් සිරකරුවන් 13ක්ද වශයෙන් මෙරට බන්ධනාගාර ආයතන 29 කින් සිරකරුවන් 389 දෙනකු නත්තල් දිනයදා නිදහස ලබා පිටව යාමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න