චීන රෝහල් නෞකාව “Peace Ark” අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට

චීන රෝහල් නෞකාව “Peace Ark” අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට

චීන රජයේ Mission Harmony-2024 වැඩසටහනේ කොටසක් ලෙස කොළඹ වරායට ළඟාවී ඇති චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන “Peace Ark” නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වූවාය.

“Peace Ark” නෞකාව දෙසැම්බර් 21 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර 2024 දෙසැම්බර් 22 සිට දෙසැම්බර් 27 දක්වා ශ්‍රී ලංකාවේ ජනතාවට නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා ලබා දෙනු ඇත.

සිය සංචාරයේදී අග්‍රාමාත්‍යවරිය සාම නෞකාව ඇතුළත් වැඩසටහනේ මානුෂීය ප්‍රයත්නයන් ඇගයීමට ලක් කළ අතර, ශ්‍රී ලාංකීය ජනතාව වෙත මෙම සුහදත්වය ප්‍රකාශ කිරීම පිළිබඳව චීන රජයට ප්‍රසාදය පළ කළාය.

ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීම සහ මහජන සෞඛ්‍යයට සහාය වීම සඳහා එවැනි ප්‍රයත්නයන්හි වැදගත්කම අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කළාය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා නෞකාවේ මෙහෙවරෙහි වැදගත්කම චීන තානාපතිවරයා අවධාරණය කළ අතර නෞකාවේ වෛද්‍ය කණ්ඩායම විසින් නෞකාවේ පවතින නවීන පහසුකම් සහ සේවාවන් පිළිබඳ පැහැදිළි කරන ලදී.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, කොමදෝරු මේජර් ජනරාල් He Yongming, කොමදෝරු මේජර් ජනරාල් Ying Hongbo, Captain Deng Qiang සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

prime 01f

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න