අස්වැසුම ප්‍රතිලාභ ඉහළ නංවයි

අස්වැසුම ප්‍රතිලාභ ඉහළ නංවයි

අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමයට අදාළව නව ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

ඒ අනුව මින් පෙර දුප්පත් පවුල් සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 8500 සිට රුපියල් 10, 000 දක්වා ඉහළ නංවා තිබේ.

තවද අන්ත දිළිඳු පවුල් සඳහා ගෙවනු ලැබූ රුපියල් 15,000 දීමනාව ද රුපියල් 17,500 දක්වා ඉහළ නැංවීමටද පියවර ගෙන තිබේ.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලබන සමාජ කාණ්ඩ අතරේ සංක්‍රාන්තික, අවධානමට ලක්වූ සහ අන්ත දිළිඳු තැනැත්තන් සහා පවුල් 480,000ක් සඳහා පිළිවෙලින් රුපියල් 5,000 සහ 17,00ක මාසික සුබසාධක ප්‍රතිලාභ දීමනාවක් ගෙවනු ඇත.

දුප්පත් පවුල් 960,000ක් සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ දීමනාවන රුපියල් 10,000කි.

එමගින් සංක්‍රාන්තික සහ අවධානමට ලක්වූ පවුල් සඳහා අස්වැසුම ගෙවනු ලබන කාලය 2025.03.31 දක්වා දීර්ඝ කර ඇත.

ඒ අනුව 2024 මැයි මස 17 වැනි දිනැතිව නිකුත් කරන ලද අස්වැසුම සුභසාධක ගෙවීමේ යෝජනා ක්‍රමය අවලංගු වනු ඇත.

කෙසේ නමුත් මේ වන විටත් ප්‍රතිලාභ සඳහා තේරාගෙන ඇති හා විවිධ හේතු මත ගෙවීම් සිදු කිරීම ප්‍රමාදව ඇති ප්‍රතිලාභීන්ද, අභියාචනා ඉදිරිපත් කර මේ වන විටත් විභාග කෙරෙමින් පවතින අයදුම්කරුවන් සඳහාද ඔවුන්ගේ සුදුසුකම් ලැබීම් මත එම ගෙවීම් මේ මස 31 වැනිදා දක්වා ගෙවීමට පියවර ගෙන ඇති බවත් එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

සංශෝධනය වූ අස්වැසුම යෝජනා ක්‍රමය ගැසට් කෙරේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න