ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කරයි

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කරයි

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5 % ක් පමණ වැය වන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසයි.

එසේම නෝට්ටු මගීන් ගෙවීම් කිරීමේදී වංචා හා දූෂණ ඉහළ යාමට මෙන්ම ගෙවීම්වල කාර්යක්ෂමතාවයේද ගැටලු රැසක් ඇතිවන බව ඔහු පෙන්වා දෙයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ , ඒ අනුව රාජ්‍ය ආයතනවලට සිදු කරන සියලු ගෙවීම් ඩිජිටල්කරණයට සැලසුම් කර ඇති බවය.

GOVPAY(ගවුපේ) යෙදවුම හරහා ඒ සඳහා පහසුකම් සලසා ඇති අතර ඊට රාජ්‍ය ආයතන 16 ක් මේ වනවිට සම්බන්ධ වී ඇති බව ඔහු ප්‍රකාශ කලේය.

ජනවාරි මාසයේදී අනෙකුත් රාජ්‍ය ආයතනද එම යෙදවුම හා සම්බන්ධ කිරීමට නියමිතය.

ඒ අනුව රජයට කරන සියලු ගෙවීම් ඩිජිටල්කරණය කෙරෙනු ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ තුළින් කාර්යක්ෂමතාව ඉහළ නැංවෙන බවය.

මීට අමතරව මිනිස් ශ්‍රමය අවම වීම, අක්‍රමිකතා හා දූෂණ ක්‍රියා තුරන්ව යාම මෙන්ම ජනතාවට වඩාත් පහසු සේවාවක් සලසා ගැනීමටද ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයෙන් හැකියාව ලැබෙන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න