දුම්රිය ආසන වෙන් කිරීමේදී නව කොන්දේසි

දුම්රිය ආසන වෙන් කිරීමේදී නව කොන්දේසි

දුම්රිය  වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර සහ මුදල් ආපසු ගෙවීම් සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන්ව ඇත්තේ දුම්රිය ආසන වෙන් කිරීමේදී මගියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බවයි.

එමෙන්ම දුම්රිය ස්ථානයට ඇතුළත් වීමේදි හා දුම්රිය තුළ ප්‍රවේශපත්‍රය පරික්ෂා කිරීමේදී ප්‍රවේශපත්‍රයේ සඳහන් පරිදි ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය පරික්ෂා කර තහවුරු කර ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවත් එහි සඳහන් වේ.

එමෙන්ම එළැඹෙන ජනවාරි 01 වැනිදා සිට වෙන්කළ ආසන ප්‍රවේශපත්‍රවල මුදල් ආපසු ඉල්ලුම් කිරීමේදි ප්‍රවේශපත්‍ර හිමිකරුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අනිවාර්යයෙන් මගියාගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදෙස් ගමන් බලපත්‍රයේ පිටපතක් දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න