වැඩකරන ජනතාවගේ ගැටලු කියන්න WhatsApp අංකයක්

වැඩකරන ජනතාවගේ ගැටලු කියන්න WhatsApp අංකයක්

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවාවන් වඩාත් කඩිනමින් ඉටු කිරීම සදහා කම්කරු අමාත්‍යාංශය විසින් නව වට්ස්ඇප් (WhatsApp) අංකයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

ඒ, කම්කරු අමාත්‍යාංශය හා කම්කරු දෙපාර්තමේන්තුව වෙතින් සහන, මැදිහත්වීම් ඉල්ලා මහ ජනතාව විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහාය.

ඒ අනුව කම්කරු ගැටලු 070 722 7877 යන අංකය ඔස්සේ යොමු කළ හැකිය.

කාර්මික සාමය පවත්වාගෙන යාම, එය තවදුරටත් ශක්තිමත් කිරීම සහ මෙරට පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවා ගැටලුවලට කඩිනම් සහන සැලසීම කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ වේ.

ඉන් මහජනතාවගේ කාලය සහ වියදම් අවම කිරීම හා කඩිනම් ප්‍රතිචාර දැක්වීම වර්ධනය කිරීම සහ නිලධාරීන්ගේ කාලය කළමනාකරණය කළ හැකිය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න