ඊයේ(03) දහවල් 12.00වන විට ආනයනය කර රේගුවෙන් නිෂ්කාශනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් අසූ අටදහස ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ පැවසුවේ ගෙන්වා ඇති මෙම සහල් තොගය අතරට කැකුලු සහල් ටොන් 34,000ක් සහ තැම්බූ සහල් ටොන් 54,000ක් වන බවයි.
සහල් ආනයනය එළැඹෙන ජනවාරි 10 දින දක්වා දීර්ඝ කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබුණි.
මේ අතර, වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ ඊයේ අනුරාධපුර ඔයා මඩුව ප්‍රදේශයේ ඉදිකර ඇති රජයේ වී ගබඩා පිළිබඳ සොයා බැලීකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මෙම මස 10 වැනි දිනෙන් පසු සහල් ආනයනය කිරීමේ නිදහස් සීමාව ඉවත් කරන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
