“Clean Sri Lanka” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරයි

“Clean Sri Lanka” රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරයි

‘ක්ලීන් ශ්‍රී ලංකා‘ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබදව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින දෙපාර්තුමේන්තුවල නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (07) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

මෙම දැනුවත් කිරිම ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් G.M.D.R අපෝන්සු  විසින් සිදුකරන ලදී.

‘ක්ලීන් ශ්‍රී ලංකා‘ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරිමේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සහ එම අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තුවල වගකිම ලේකම්වරයා විසින් පැහැදිලි කළේය.

මෙම අවස්ථාව සදහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, රාජය නොවන සංවිධාන පිළිබද ජාතික ලේකම් කාර්යාලය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය, පොලිස් විශේෂ කාර්ය බලකාය යන ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගී විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න