ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන විභාග සැලැස්ම ලබන වසරේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට හැකි බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය අද(08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියාය.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර අගමැතිවරියගෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනුයි අගමැතිවරිය මේ බව කියාය.
ඒ අනුව 2026 වර්ෂයේ සිට පෙර පැවැති පරිදි සාමාන්‍ය ආකාරයට පැවැත්විය හැකි අතර කොවිඩ් ආරම්භයට පෙර පැවැති ආකාරයට විභාග නිසි කාලය තුළ සිදු කිරීමට හැකි බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවැසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
