විදුලිය බිල අඩු කිරීම දවසින් දෙකෙන් කළ නොහැකි බවත් විදුලිය බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත බවත් බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
විදුලි බලය අඩු කරනවා කියලා කොහේවත් කියා නැතැයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර, විදුලි බිල සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කුමාර ජයකොඩි ඇමතිවරයා මෙසේද සඳහන් කළේය.
''විදුලි බිල අඩු කිරීම තමයි අපේ අරමුණ. අපි විදුලි බිල අඩු කිරීම දවසින් දෙකෙන් කරනවා කියලා කියලා නැහැ. අවුරුදු තුනක් ඇතුළත තමයි කරන්න වෙන්නේ. පසුගිය පාලනය කරපු දූෂණවල ප්‍රතිඵල ජනතාවට අද විඳින්න සිදුවෙලා. විදුලිබල මණ්ඩලය මේ වන විට බිලියන 332 ක ණයකින් පෙළෙනවා. වැඩුමිලට විදුලිය මිලදී ගැනීම සිදුවුණා. විදුලිය මිලදී ගන්න වැය වන මුදල වැඩියි. මේක වැඩපිළිවෙලක් ඇතුව හැදීම තමයි අරමුණයි. මේකෙ පැටලිල්ලි ගොඩක් තියෙනවා. ඒවා නිවැරදි කරන්න ඕන. විදුලි බල මණ්ඩලයෙන් අපිට යෝජනා ලැබුනේ සියයට 37 ක් වැඩි කරන්න. අපි ඒක පැත්තක තියලා සකසුරුවම් කරලා තමයි මේ ගෙනියන්නේ. මේකෙ තියෙන පරණ පව් ටික හෝදන්න වෙලා තියෙනවා. අපි අපේ හිතවතුන්ට ප්‍රොජෙක්ට් දෙන්නේ නැහැ. විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය සැලසුම් ගනිමින් පවතිනවා.''
දයාසිරි ජයසේකර,
''අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා වෙන්න කලින් විදුලි බිල ඉතාම කෙටි කාලයක් ඇතුලත ඇතුළත සියයට 35 කින් විදුලිබිල අඩු කරනවා කිව්වා. පන්දාහේ මිල 3000 කරනවා කිව්වා නමදා බිල 6000 කරනවා කිව්වා. ඒවා අහල තමයි මේ රටේ මිනිස්සු ඡන්දය දුන්නේ විදුලි බල මණ්ඩලය දැන් කියනවා ජුනි මාසය වෙනකන් විදුලිය බිල අඩු කරන්න බැහැ කියලා.
ඔබතුමාලා මෙච්චර පොරොන්දු දීල ලොවෙත් නැති පොරොන්දු දීල ලොවෙත් නැති ජයග්‍රහණයක් ගත්තා. මේක තනිකරම පනත උල්ලංඝනය කිරීමක්. විදුලි බල සංශෝධනය ජුනි මාසය දක්වා කල් දැම්මේ ඇයි. මෙච්චර ප්‍රශ්න තියෙද්දී. අධික විදුලි බිල නිසා කුඩා කර්මාන්ත රැසක් වැහිලා. මොකක්ද මේකට හේතුව
උදේ ඉඳලා රෑ වෙනකම් බොරු කියන්නේ. බිලියන 167ක ලාභයක් තියෙනවා මේ කලාප නම් කොච්චරද කියලා කියන්න. සියයට පනස් හයකට වැඩිය ජල විදුලියෙන් තමයි දිව්වේ. කවද්ද මේක ඉවර කරන්නේ. පච ආණ්ඩුවක් නෙ මේ තියෙන්නේ.
බලශක්ති අමාත්‍ය විදුලි බල මණ්ඩලයේ කිසිදු ණයක් රජය පවරගෙන නැහැ.''